Sunday, September 15, 2024

Revolver 2024

With Sinhala Sub
IMDB - 5.4/10

























හා සු යොන්ග් කියන්නේ පොලිස් නිලධාරියක්. දවසක් අල්ලස් චෝදනාවක් හින්දා නොකරපු වැරැදිත් භාරගන්නේ ඒකට වගකියන්න ඕනෙ ඊස්ටන් ප්‍රොමිස් කියන කම්පැනියෙන් මිලියන හත්සීයක වන්දියක් දෙන්න පොරොන්දු වුන හින්දා. මේක වෙන්නේ එයා අලුත් අපාර්ට්මන්ට් එකේ පදිංචියට යන්න ඉදපු දවසේ. ඉතින් පරිවාසෙ ඉදලා ඉක්මනටම එන්න පුළුවන් වෙයි කියලා තමා හා සු යොන්ග් හිතන් ඉදියේ. ඒත් අල්ලස් විදියට සල්ලි ඇරුනම කුඩුත් හම්බුනයි කියන සාක්ෂිය නිසා හා සු යොන්ග්ට අවුරුදු දෙකකට හිරේ යන්න වෙනවා. අවුරුදු දෙකක් හිරේ ඉදලා නිදහස් වුනාට පස්සේ දෙන්න පොරොන්දු වුන මිලියන හත්සීය අරගන්න බලාගෙන තමා මෙයා ඉන්නේ. ඒත් සල්ලි දෙන්න පොරොන්දු වුන කෙනා හා සු යොන්ග්ට සල්ලි දුන්නේ නෑ. ඒ අතරේ දැනගන්න ලැබෙනවා පදිංචි වෙන්න ඉදපු අපාර්ට්මන්ට් එක වෙන කෙනෙක්ට පවරලා කියලා. මෙයා සල්ලියි, අපාර්ට්මන්ට් එකයි අරගන්න පුළුවන් හැමදේම කරනවා. ඉතින් හා සු යොන්ග්ට සල්ලියි, අපාර්ට්මන්ට් එකයි අරගන්න පුළුවන් වෙයිද? ඒක දැනගන්න නම් මේ ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා

No comments:

Post a Comment